සින්ඩරෙල්ලා ගැන..........

සින්ඩරෙල්ලා කියන්නෙ බ්ලොග් ලිවීම ගැන කිසිම දෙයක් නොදැන මේ කාර්යයට අත ගහපු කෙනෙක්.මේ වැඩේට ආසාවක් ඇති වුණේත් යාලුවන්ගෙ බ්ලොග්ස් කියවනකොට.බ්ලොග් ලිවීම ගැන අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨයන්ගෙන්කරගන්න "සින්ඩරෙල්ලාගෙ අඩවිය" දියුණු ගොඩක් අවවාද අනුශාසනා ලැබුණා.ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි!ඉදිරියටත් මට ඔයාලගෙ උදව් ලෝබ නැතුව ලබා දෙන්න කියලා අහින්සක ඉල්ලීමක් කරනවා.ඒ වගෙම සින්ඩරෙල්ලාගෙ කුමාරයාවත් මේ වෙලාවෙ බොහෝම ආදරෙන් මතක් කරන්න ඕනෙ.

මම දිනිති සචින්ත්‍යා ගුණතිලක.දැනට නම් ඉන්නෙ ගාල්ලේ.2012 ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා.ඉගෙනගත්තෙ ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ.

ඒ මගේ පෞද්ගලික තොරතුරු!

ඔයාලට මම ගැන පොඩි අදහසක් ගන්න පහසු වෙන විදිහට කෙටි විස්තරයක් කරන්නම්.

මම ජීවිතේ බොහොම සැහැල්ලුවෙන්,විනෝදයෙන් විදින කෙනෙක්.හැබැයි හොද අවබෝධයක් ඇතුව!තරමක් සවේදී කෙනෙක්.ආදරේට හදවතින්ම ආදරේ කරනවා.ජීවිතේ තියෙන විවිධ වූ දේවල් රාශියක් අතරින් "යහළුවන්ට" සහ "යාළුකමට" ප්‍රධාන තැනක් දෙනවා.සත්තුන්ට ගොඩාක් කැමතියි.කරුණාවන්තයි.ආගම දහමට නම් ගොඩාක්ම බර කෙනෙක් නෙවෙයි.නමුත් ආගමක් ධර්මයක් නැති කෙනෙක් වගේ ජීවත් වෙනවත් නෙවෙයි.ටිකක් කටකාරයි.ගොඩාක් මිත්‍රශීලියි.ඉක්මන් කේන්තිකාරියක්!අසධාරණයක් දුටු තැනදි නම් ඒ කේන්තිය ගොඩාක් දරුණුයි.ලේසියෙන් සමාව දෙන කෙනෙකුත් නෙවෙයි.ඒත් හිත හොදයි.අවකයි.කාටවත් කරදරයක් නොකර පාඩුවෙ ජීවත් වෙනවා.

ඒ අතරෙ ඉඩක් ලැබෙන වෙලාවට බ්ලොග් එකක් ලියලා කියවන අයට,සමාජයට යම් කිසි දෙයක් දෙන්නත් උත්සාහයක් ගන්නවා.ඒ උත්සාහය සාර්ථකද,අසාර්ථකද කියලා තීරණය කිරීම ඔබට භාරයි!ඔබට ජය!

ඔයාලගේ අදහස්,උදහස්,යෝජනා,චෝදනා,වෙනස් විය යුතු දේවල්,එකතු විය යුතු දේවල් මට දන්වන්න.

මම සින්ඩරෙල්ලා.

5 comments: