Showing posts with label පොත පතින්..... Show all posts
Showing posts with label පොත පතින්..... Show all posts
Friday, October 19, 2012
13.ජීවිතය(The Life).......
"Life unfoortunately is
something that you can
lead once;mistakes
are often irrepairable"
(An extract from he short story 'The Happy Man' by somerset maugham.)
"ජීවිතය කියන්නේ,අවාසනාවකට වගේ,අපට එකම එක වාරයක් අත්විදින්න ලැබෙන දෙයක්.
අපට සිදුවන වැරදීම් බොහොම වෙලාවට,
කවදාවත් නිවැරදි කළ නොහැකියි............"
(සමසෙට් මෝම්ගේ 'ද හැපී මැන්' කෙටිකතාවෙනි)
"ඒක මොනතරම් ඇත්ත කියමනක්ද...........?"
Thursday, October 18, 2012
11. ඔබ මහළු වූ කල.............
දිවියේ සැදෑවට ලන් වී
දෙනෙත් නිදිබර වෙද්දී
උදයේ සීතලෙන් හැකිලී
තුෂාරයෙ ගිනි තපිද්දී
දෑතට අරගෙන මේ පොත
බලනු මැන පිටු පෙරළා
ගතවුණා කාලයක්
දිවිය ගතවී යද්දී
ඔබෙ දෙනෙත්වල පෙරදා
තිබුණා සුමුදු බැල්මක්
හැකිවේද එය සිහි කරන්නට
දක්නා විලස සිහිනයක්
කීදෙනෙක් පෙම් බදින්නට
ඇත්ද බොරුවට හෝ සැබෑවට
එහෙත් පෙම් බැදි අයෙකු සිටියා
මේ මිහිතලය මතුපිට
ඔබේ හද දෙවොලට
එහි රැදි ආත්මයටද
කලක් ඔහු පෙම් බැන්දා
සත්තකයි බොරු නොව සැබෑවට
ඈත කදුකරය සක් වළල්ල හැරපියා
තරු මඩල සොයා ඒ ආදරය ඉගිලී ගියා
දුක දැරිය නොහැකිව මුහුණ සගවා ගන්නෙමැයි
ආදරය කී බැව් සොවින් කොදුරනු මැනවි සොදුරිය.....
විලියම බට්ලර් යේට්ස්ගේ "WHEN YOU ARE OLD" නම් කාව්‍ය සන්කල්පනාවේ අනුවාදයකි.
Wednesday, August 22, 2012
4.අලිමන්කඩ සිට.......
යාපනය අර්ධද්වීපයට ද,අලිමන්කඩ හමුදා කදවුරට ද එල්ල වූ දැවැන්ත කොටි ප්‍රහාරය නිසා,යාපනය අසල රැදී සිටි ඔත්තුකාරියක කැදවාගෙන යාමේ සුපුරුදු රාජකාරිය පැවරුණු හමුදා නිලධරයෙකුට බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමට සිදුවිය.ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ පවතින වන්නිය හරහාද,පසුව මිනිස් වාසයෙන් තොර විල්පත්තු අභය භූමිය ඔස්සේ ද,පලා යාමට මේ ප්‍රතිවාදීන් දෙදෙනාට සිදු විය.
ගමන අරඹන විට දැඩි ප්‍රතිවාදීන් ව සිටි කපිතාන් වසන්තටත්,කමලා නැමැති කොටි ක්‍රියාකාරිනියටත්, වන සතුන්ගේ ද,සිය ග්‍රහණයට කමලා හසුකර ගැනීමට වෑයමක් දැරූ හමුදාවෙන් පලා ගිය පිරිසකගේ ද, තර්ජන වලට මුහුණ දීමට සිදු විය.නිරතුරුව පැවති බාහිර අනතුරු හමුවේ අන්‍යොන්‍ය සහජීවනයට බලකෙරුණු පරිසරයක් තුළ ඒ දෙදෙනා අතර එකිනෙකා කෙරෙහි පැවති අවිශ්වාසයත්,වයිරයත් පහ වී ගියේය.
ඉන් පසුව දැනගන්නට ලැබෙන අනපේක්ෂිත තොරතුරක් නිසා කොලඹට පැමිණෙන වසන්තට බරපතල ගැටළුවකට මුහුණ පෑමට සිදු විය.තමා තෝරා ගත යුත්තේ රට ද,එසේත් නැතිනම් මිතුරිය ද යන්න ඔහුට තීරණය කිරීමට සිදු විය.
(2003 වර්ශයේදී හොදම(ඉන්ග්‍රීසි )නව කතාවට පිරිනැමෙන රාජ්‍ය සම්මායනය දිනාගත් නිහාල් ද සිල්වා මහතා විසින් රචිත නම් නවකතාවෙහි සින්හල පරිවර්තනයෙනි.එය "අලිමන්කඩ සිට....." යන නමින් ඊ.එම්.ජී.එදිරිසින්හ විසින් සින්හලට පරිවර්තනය කෙරුනු අතර මෑත කාලයේදී සින්මාවට ද නැගුණි.)
Tuesday, August 21, 2012
1.ආදරණීය සුදු නන්ගී වෙත ලියමි
"ආදර සුදු නන්ගී,
තාරකා පිපෙන්නට අර අදියි
මට ඔබගෙ නෙතු තරකා සිහි වෙයි.බොහෝ ඈතක සිට
මම අදත් අහස් අගාධය දෙස බලමි.
ඔබ පිපෙන්නට අර අදින්නේ අහස් විලේ අරවින්ද පොකුරුය.
තරකා නිවා දමා මම රාත්‍රියට අන්ඩගසමි.
ඒ අදුර,පාලුව,තනිකම,හුදකලාව මට හුරුය.පුරුදුය.
හිත කිලිපොලන මේ වියරු තනිකම වින්දින්නට පෙර සන්සාරයේත්
මා බොහෝ පවු පුරවන්නට ඇත.මේ ගෙවන්නේ ජීවිතයේ
මහ ගිරි දඹයි.මම කවුලුව වසා දමන්නට පරිසරයට
අත පොවමි.හාත්පස සීතල ඇන්ගිලි තුඩු රිදවයි.
වහින්නට ආසන්නය.මොහොතකින් දෙපත් කපාගෙන අක් වැහි ඇද
වැටෙනු ඇත.වැස්ස එදා තරම් සුන්දර නැත.
චමත්කාර නැත.මගේ කන්දුලින් සැදුනු මේඝ වලාව
ඉහිරෙන්නට ආසන්නය.ඇගේ පාමුල මුතු වරුසාවක් වූයේත්
මේ කන්දුලුමය.මුමුණමින් දැවටෙමින් ඔවුන් දොඩමලු වන්නට
ඇත්තේත් කන්දුලු සාගරයේමය.ඉතින් සුදු නන්ගි
මා හෙලූ සාගරයක් තරම් කන්දුලු ගන්ග ඔබ දනී නම්..........
ඔබේම ආදර කසුන්"

Subscribe to:
Posts (Atom)