Tuesday, August 21, 2012

2.@ බොරැල්ල ( ආදරවන්තියන් දෙදෙනෙකුගේ සන්වේදී ආදර කතාවක්!)

බස් එකක් නැතිවුණාම මිනිස්සුන්ගෙ හිත් හතර අතේ යනවා වගේම මගේ ඇස් දෙකත් හතර අතේ ගිහින් නතර වුණේ දැක්කම හිත පිරෙන රූපයක් ගාව.ඇන්ගටම හිරවෙච්ච කලු ඩෙනිමක්,රතුපාට Blouse එකක්,ලස්සන Hand Bag එකක්,නවීන පන්නයේ අව් කණ්ණාඩි යුවලක්,අතේ දාගෙන ඉන්න Band කීපයක් ඇගේ රූපය ඔප් නන්වන්න ඉවහල් වුණ සාධක විදිහට පේන්න තිබුණා.මම එයාව දකිද්දිත් එයා හිටියේ Phone එක කනේ තියාගෙන මොන මොනවද කොන්දුරන ගමන්."ෂාහ්,කොයිතරම් ලස්ස්න කෙල්ලෙක්ද??".එයා දකින ඕනම කෙනෙක්ට එහෙම නොහිතුණොත් ලොකුම අවුලක්!එයගේ බෙල්ලෙ ඉන්දලා ලස්සනට පටන් ගත්ත Tatoo එකක් පිට දිගේ ඇන්දිලා තියෙනවා.මේ සියලු විලාසිතා හා ඇගේ හැසිරීම් නිසා මගේ සිතත් හරිම වේගවත් වුණා.මොකද,හැමදේකම මොනවා හරි බලාපොරොත්තුවක් අපි හිත් අයිනක තියාගෙන ඉන්නවා.එහෙම පාර දිහා බලාගෙන හිටපු ඈ එකාපාරටම අනිත් පැත්තා හැරුණා.එයා එකපාරටම දැක්කෙ මාව.මම හිනාවුණා.ඈ හිනාවුණේ නෑ.ඒත් ඒ මූණෙ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නව කියල නම් හොන්දටම පේන්න තිබුණා.එයාගෙ හිතේ බලාපොරොත්තුවක්... මගේ හිත ආයෙමත් ගැහෙන්න පටන් ගත්තා.'ඇත්තටම මේ කෙල්ලගෙ ලස්සන' කියලා මට තවත් හිතන්න වෙලාවක් හම්බුණේ නෑ.බොරැල්ල හන්දියෙන් හරවලා 103ක් ආවා.මගේ අවශ්‍යතාව වැදගත්ම වුණ හින්දා මම බස් එකට නැග්ගා.වැඩි සෙනගක් හිටියේ නැති බස් එකේ පිටිපස්ස Sheet එකෙන්ම මම ගිහින් වාඩි වුණා.ඒත් මම ආයිමත් අර තරුණිය දිහා බැලුවා.එයත් මම හිටපු බස් එකටම නැග්ගා.ඇගේ ලගින් ආපු විලවුන් සුවදට මගේ හිත කැලඹිලා.තවත් අදහස් ගොන්නක් හිතට ඇතුල් කරා වගේ තේරුණා.එයා වාඩි වුණෙත් මම හිටපු Sheet එකේම පොඩ්ඩක් එහාට වෙන්න. මගේ හිත ගැහෙන්න ගත්තා.ඒත් එක්කම ඩෙනිමක් සහ T-shirt එකක් ඇන්දගත්ත තවත් තරුණියක් බස් එකට නැගලා පෙර කී තරුණියත් මාත්න අතර තිබුණු ඉඩේ වාඩි වෙන්න හැදුවා.ඒත් පෙර කී තරුණිය ඒකට ඉඩ දුන්නෙ නෑ.
"හා,හා ඔයා මෙහාට එන්න".එහෙම කියලා එයා මගේ පැත්තට ඇවිල්ලා අනික් තරුණියට එහායින් වාඩි වෙන්න දුන්නා.මගේ හිත අවුල් වුණා.මගේ හිත අවුල් වුණා.පපුව ගැහෙන්න ගත්තා.මම කතා කරන්න පටන් ගන්නෙ කොහෙන්ද කියලා මම හිතුවා.

එයා අතින් අල්ලගත්තා......
මගේ නෙවේ.අනිත් තරුණියගෙ.ඒ පාර එයා කතා කරන්න පටන් ගත්තා.
"මම කොච්චර වෙලා බලන් හිට්යද ඔයා එයි කියලා?".එයා අනිත් තරුණියට ලන් වෙන ගමන් කිව්වා.

"අනේ Sorry Darling.මම late වුණේ Traffic තිබ්බ හින්දා.ඒකයි.

"ආ... ඒකද?මම හිතුවෙ ඔයාඅ ඊයෙ රෑ Call එකෙන් පස්සෙ මාත් එක්ක තරහ වුණා කියල."

"පිස්සු!ඔයා හිතුවෙ මම කොල්ලෙක් හින්දා ඔයත් එක්ක තරහාවෙලා අමතක කරයි කියලද??"

"හරි.ඒකට කමක් නෑ.අද ඔයා අපේ ගෙදර යමු."

"අනේ බෑ Dear.අද නම් කොහොමත්ම බෑ.මට පොඩි වැඩක් තියෙනවා."

"පොඩි වැඩක්?.... ඒ මොකක්ද ඒ පොඩි වැඩේ??මම නොදන්න වැඩත් දැන් ඔයාට තියෙනවා නේ??ඉස්සර නම් ඔයාට ඔහොම පොඩි පොඩි වැඩ තිබ්බෙ නෑ.ඒ හැමදේටම ගියේ මාත් එක්ක."

මුලින් කී තරුණිය ඇගේ යෙහෙළියට කියන්න වුණා.ඈ හිටියෙ දුකින්.ඇගේ යෙහෙළිය ඇයව අස්වසන්න කනට මොනවද හිමින් කෙන්දිරුවා.එයින් යම්තරමකට ඇය සැනසුනු බවක් පෙනුණාත් ඇය යාළුවගෙ අත තුරුලු කරගෙනම මෙහෙම කිව්ව.


"ඇයි ඔයාට මාත් එක්ක පැයක්,එකහමාරක් ඉන්න බැරි?.අම්මා නන්ගිව ඉස්කෝලෙන් ගන්න 12ට විතර යනවා.මම විතරයි ගෙදර ඉන්නෙ.ඔයාට මාත් එක්ක ඉන්න බැරි ඇයි කියන්න!අනේ ප්ලීස්!අපේ ගෙදර යන්.... මම ගොඩක් ආසාවෙන් හිටියෙ අද ඔයාව හම්බවෙන්න..... ඔයා එක්ක ඉන්න."
එහෙම කියපු එයා යාළුවගෙ උරහිසට එයාගෙ හිස බර කරගත්තා.එයාගෙ අත ඒ වෙනකොටත් එයාගෙ මිතුරියගෙ අත තද කරලා අල්ලගෙන උන්නා.මිතුරිය ආයිත් එයාගෙ කනට ලන්වෙලා මොන මොනවදෝ රහසින් කෙන්දිරුවා.ඒ කිව්ව දෙවල් වලින් එයා සැනසුනාද නැද්ද මම දන්නෙ නෑ.මම පොලිස් ගරාජ් එක ගාවින් බහිනකොටත් දෙන්න දෙන්නගෙ ආදරයට මැදිවුණ ගටළු නිරාකරණය කරමින් උන්න.ජීවිතය එහෙමයි....

බස් එකෙන් බැස්සට පස්සෙ එක පාරට ඔළුවට ආවේ"I Can't Think Straight"කියන Film එකේ Leyla සහ Tala කියන මිතුරියො දෙන්න.Film එකේ හැටියට මේ මිතුරියො දෙන්නත් බොහොම ආදරයෙන් සතුටින් ජීවිතය වින්දා.ඒත් එක් තරුණියකට නිවෙස් බලපෑම මත විවාහවෙන්න සිද්ද වුණා.ඒ කොහොම වුණත් අවසානෙ ඒ දෙන්නා ආයිත් එකතු වෙනවා.ඉතින් Leyla සහ Tala වගේ මේ ආදරවන්තියො දෙන්නටත් ගැටලු නිරාකරණය වෙලා ආදරෙ වින්දින්න ලැබේවායි කියලා පතමු.

ලෝකෙ කොහේවත් නීතියක් නෑ අදරය කරන්න ඕන තරුණයෙක් සහ තරුණියක් පමණයි කියලා.

කෙල්ලෙක් තවත් කෙල්ලෙක්ට ආදරය කිරීම ඇතුලෙ ඉතා පෞද්ගලික වූ මානුෂික ප්‍රශ්නයක් තියෙනව.අපේ තාරුණ්‍ය ඇතුළෙ අපිට පෙනෙන දේට වඩා නොපෙනෙන දේ බොහෝයි.

ජීවිතය එහෙමයි.... තාරුණ්‍ය ඇතුළෙ හැමදෙම විසිරිලා තියෙනව.ඒත් කෙනෙකුට තවත් කෙනෙක්ගෙ පෞද්ගලික ජීවීතයට ඇතුල්වෙන්න නම් කොහෙත්ම බැහැ











5 comments:

  1. ම්ම් හොදා හොදා.. අලුත් බ්ලොගේට අපෙනුත් සුභපැතුම්.. බ්ලොග් එකේ තව කෑලි ටිකක් එන්න ඕන, තව කෑලි ටිකක් අඩු වෙන්න ඕන.. ඒවා හිමින් සැරේ කරමුකො නේද? හරි හොදයි.. ඔහොම්ම ඉස්සරහාට යන්න ශක්තිය ලැබෙන්නඕන..!!!

    ආ.. මේ වර්ඩ් වෙරිෆිකේශන් එක අයින් කරන්න අප්පා..

    ReplyDelete
  2. ගොඩාක් ස්තූතියි.ඇත්තටම මීට කලින් බ්ලොග්ස් ඕන තරම් කියවලා තිබුණට,ඔයාගෙ බ්ලොග්ස් කියෙව්වම තමා මාත් ලියන්න ඕන කියලා අදහසක් හිතට අවේ.මට නම් මේ ගැන ලොකු දැනීමක් නෑ.ඒ නිසා අඩුපඩු තියෙනවා නම් නොසලකා හරින්න.හිමින් හිමින් වැරදි හදාගන්නයි බලපොරොත්තුව.ඒට ඔයල වගේ අයගෙ උදව් මට අවශ්‍ය වෙවි නිරන්තරයෙන්ම.............

    ReplyDelete
  3. හ්ම්ම්...
    ප්‍රොෆයිල් එකේ කියල තියනව වගේම විවුර්තව හිතන කෙනෙක් බව පේනවා.
    නිවැරදි අදහසක් ලස්සනට කියල තියනවා. :)

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete