ඔන්න ඉතින් පොරොන්දු වුණ විදිහටම කතාවෙ ඉතුරු ටිකත් ලියන්නයි මේ ලෑස්තිය!මොකද සින්ඩරෙල්ලා පොරොන්දු අමතක කරන කෙනෙක් එහෙම නෙවෙයි!දැන් ටිකකට කළින් සින්ඩරෙල්ලාට පොඩි විරෝධතාවයක් ආවා ඊයේ ලියපු දෙයක් සම්බන්ධව.ඒ සිද්ධ වුණ වරදත් නිවැරදි කරලම ලියන්න පටන්ගන්නම්කෝ!
මම ඊයේ "අරයා" කියලා සදහන් කරපු කෙනගෙන් පොඩි නෝක්කාඩුවක් ආවා.
"ඔයා අරම අරයා,අරයා ගානකොට හරි නෑනෙ.ඒක කැතයි.ඒ නිසා ඒ වෙනුවට වෙන මොකක් හරි දාන්න කියල."
ඔන්න ඉතින් ඒ ඉල්ලීමත් සින්ඩරෙල්ලා බාරගත්තා.වෙන කාගෙවත් තව මොකුත් ඉල්ලීම් හෙම නෑනෙ?? :පී
මම එහෙනම් 'අරය" කියන තැනට "කුමාරයා" කියල Replace කරන්නම්කො.දැන් හරිනේ?? :)
ඔන්න ඊයෙ කියපු තැන ඉදලා පටන් ගන්නම්කො.
ටිකක් හවස් වෙනකම් ඉදලා එක ක්‍රියාත්මක කරන්න මාත් ලක ලෑස්ති වුණා.අම්මත් වැඩට ගිහින් නිසා යන්න වෙන්නෙ තනියම.අම්මා එන්න කළින් ගිහින් එන්නත් ඕනේ.ඉතින් ටක් ගාලා(ඇත්තටම එහෙම සද්දයක් ආවෙ නම් නෑ මට මතක විඩිහට ) හොදට ඇදගෙන කරගෙන මාත් පාරට බැස්ස.තනියම බස් එකක යන එක නම් මට මහ දෙයක් නෙවෙයි.ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් වුනෙ නැ.කොහොමහරි බස් එකක නැගලා විනාඩි 10කින් විතර කඩේටත් යාගත්තා.වීරයා වගේ ගියාට මොකද හිත ඇතුලෙ ලොකු බයකුත් තිබුණා.ඒ මදිවට එකක් පසුපස එකක් නැගුණු ප්‍රශ්න වැලකුත් තිබුණා.
"ගෙදර ගිහින් හොදට අහගන්න වෙයිද කන් දෙක පිරෙන්න??"
"රට මීයො ඔක්කොම ඉවර වෙලා තිබුනොත්?"
"මන් ගාව තියෙන සල්ලි මදි වුණොත්??"
"තාත්තා මේක දැනගත්තාම මොකක් කියයිද??"
"ඕකව අරන් කොහේ තියගන්නද?"
ඔය වගේ උත්තර නැති ප්‍රශ්න දහසක් හිතට ආවත් ම්න් ඒ ඔක්කොම අමතක කරල කඩේට ගොඩ වුණා.මොකද හිතේ තිබ්බ ආසාව ඔය හැම ප්‍රශ්නෙටම වැඩිය ලොකු වුණ නිසා.ඇත්තටම ම්න් මීයෙක් ගන්න යනකොටත් ඌව ගෙනාවට පස්සෙ කරන දේ ගැන මට කිසිම Plan එකක් තිබුනෙ නෑ.
ඒව හිතන්න බැරිය එකෙක් ගත්තායින් පස්සෙ."වෙන දෙයක් වෙච්චාවෙ!" කියලා හිතාගෙන ඇතුලටම ගියා.කඩේ ඇතුළටම වෙන්න හිටියෙ එක එක ජාතියේ "විසිතුරු මත්ස්‍ය" වර්ග.මාත් ඉතින් හැම වර්ගයකම නම සහ ඒවයෙ මිල ගණන් බලාගෙන බලාගෙන ගියා.(මොකද මාත් ඉස්සර මාළු හැදුවනේ )"රටේ හැම දේම ගණන් යනකොට මාළුත් ඒ වේගෙන්ම ගණන් ගිහින්" කියලා මට ඒ වෙලේ හිතුණා.කඩේ ඇතුලේ සෑහෙන සෙනගක් ඉන්නවා.ඒ පොඩි ඉඩේ ඉන්නත් ඉඩ නැති තරම්.පොඩි සාධුලා (පොඩි සාධුලා කිව්වට පොඩිත් නෑ.මගේ වයසේම විතර ඇති.ඒ වගේම හැසිරුනෙත් කට ඇරල "සාධු" කියල කියන්න පුළුවන් විදිහට නෙවෙයි කියලයි මට හිතුණෙ.)වගයක් පොර කකා මාළු ගන්නවා.A/L tution ගිහින් එන ගමන්ද කොහේදො පොත්පත්,File ටිකත් අතේ තියාගෙන,classesවල කරන පුරුද්දටද කොහෙදෝ මටත් සද්දයක් දාලා හමුදුරුවො මාලු තෝරනවා.තව පැත්තක තවත් කොල්ලො දෙන්නෙක් මාලු වර්ග ගැන විස්තර අහනවා.තව වයස අවුරුදු 12ක 13ක මල්ලි කෙනෙක් මාලු කෑම බෑග් එකකට දානවා."අනේ!පණ්ඩිතකමට තනියම ඇවිත් මම කරගත්ත මොඩකමක්!" මට එහෙම හිතුණා.
මට තිබුණු ලොකුම ප්‍රශ්නේ කඩේ හිටපු සෙනග අතරින් කවුද අයිතිකාරය කියලා හොයාගන්න එක.අහන්නත් බෑ ඉතින්.නෝන්ඩිනේ!ඕක අහන්න ගියොත් ඒ එක්කම තව පසු වදන් දෙක තුනක් අහගන්න වෙන බවත් මම දන්නවනෙ!
ඕන දෙයක් වෙද්දෙන් කියලා මාත් ලගම හිටපු කෙනාගෙන් ඇහුවා.
"රට මීයො ඉන්නවද?"
"නන්ගි,මම කඩේ එක්කෙනෙක් නෙවෙයි.අන්න අර මල්ලිගෙන් අහන්න."
අයියෝ!වස ලැජ්ජාව!කමක් නෑ!ඕකත් මොකක්ද අපි වෙලා තියන ලැජ්ජාවල් වල හැටියට!මම හිතට දිරිය අරන් ආයෙමත් අහුවා,අර පොඩි එකාගෙන්!
"මල්ලි,රට මීයො ඉන්නවද??"
"ආ..... රට මීයො නම් ඉවරයිනේ!"
මගේ හිත කඩා වැටුණා.ඒ වුණත් කමක් නෑ.ආයෙත් දවසක් ඇවිත් ගන්න පුලුවන් නේ!ඒ හින්ද අද විස්තර අහන් යනවා!ඉතින් මාත් මගේ දුක නොපෙන්වා ඇහුවා.
"ඇත්තද?එයින් එකෙක් කීයක් වෙනවද??"
"650යි"
"ඔයාලා උන්ව කොළඹින් ගේනවද?නැත්තන්................"
"ඔව්,එහෙන් ගේනවා"
"ම්ම්ම්............ ලගකදි ආයේ ගේන එකක් නැද්ද??"
"එහෙම නම් කියන්න දන්නෙ නෑ.කඩේ අයියත් පොඩ්ඩ්ක් ලගට ගිහින්.එයාගෙන් තමා අහන්න වෙන්නෙ ආවාම "
"හපෝයි!මට වෙච්චි දෙයක්!මදැයි පෙරුම් පුරලා පුරලා ආවා රට මීයෙක් ගන්න!දැන් ඉතින් ඉදපන්කො මේ කොහේවත් නැති අයියෙක් එනකන්."
මට දැන් ඉවසුම් නෑ.
කොහොමහරි ඔය දෙබස් ටික යන අතරතුරේ කඩේ හිටපු ඔක්කොම කට්ටිය තම තමන් ගන්න ආපු දේවල් අරන් යන්න ගිහින් තිබුනා.ඒක මට කියලවත් කරගන්න බැරි තරමේ උදව්වක් වුණා.(කඩේ හිටපු සෙනග අතරින් කෙනෙක් කැමැත්තෙන්ම මීයෙක් විදිහට අපේ ගෙදර එන්නත් ඇහුවා.එයාට නැට්ට විතරයිලු අඩු! )
ඒ වෙනකොට කඩේ වෙන කවුරුත් හිටියෙත් නැති නිසා මට නිදහසේ කඩේ පුරාම ඇවිදලා බලන්න ඉඩක් ලැබුණා
මාත් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න හිතාගෙන කඩේ වටේම අවිදගෙන ගියා.
මම කඩේට අතුළු වෙනකොට දොර වහගෙන සෙනග හිටපු නිසා එතනම තිබුණු කුරුළු කූඩු මට මග ඇරිලා තිබුනා.ඒවයේ හිටියා පාට පාට මම ඒ තරම් කල් දැකල තිබුණු,නොතිබුණු කුරුළු වර්ග ගොඩාක්.ඒත් ඉතින් මොකටද?මට ඔන දේ නැතුව!
ඕන්න එතකොටයි මම දැක්කෙ!
මොකද්ද දන්නවද?
සුදුම සුදු පුළුන් බෝල වගෙ හා පැටවු වගයක් එහ පැත්තෙ කූඩුවක දාල හිටියා.
දැක්කම ආසාවේ බෑ.!මම එතනම කූඩුව ළග පහත් වුණා.එතකොට තව ටිකක් හොදට බලාගන්න පුලුවන් වෙන හින්දා.
සුදුම සුදු හා පැටව් එක පොදියට වැතිරිලා ඉන්නවා.සුදුම සුදු උනත් උන්ගේ ඇස් රතුම රතු පාටයි.ඒක උන්ගේ පෙනුමට එකතු කරේ නපුරුබවක්.ඒ හින්ද සුදු හාවොන්ට නම් මගේ කැමැත්තක් නෑ.
ආ......... පොඩ්ඩක් ඉන්න!
අර කවුද??
රත්තරන් පාටට හුරු කහ පාට බෝල දෙකකුත් ඒ අස්සෙම ඉන්නවා.
මම හොදට බැලුවා.
දෙවියනේ!කහ පාට හාවො දෙන්නෙක්!
මම ඒ මගේ ජීවිතේට කහ පාට හාවෙක් දැක්කමයි!
මට හරිම ආසහිතුණ උන් හිටපු විදිහට.
අනික උන්ගෙ ඇස් දෙකත් කලු පාටයි.බලන්න ලස්සනයි.
මේ තරම් මහන්සි වෙලා ආපු එකේ හිස් අතින් යන්න මගේ හිත ලෑස්ති නෑ.
මම ගන්නවා මෙයින් හාවෙක්.මීයා මොකද?හාවා මොකද?පොඩ්ඩක් කන් දෙක දිගයි ඊට වඩා.තව නැට්ටක් තියෙනව.එච්චරයිනෙ වෙනස!අනික රට මීයාට වඩා මේකා Sweet වගේ!
මටත් දැන් හරීම සතුටුයි.හිතන් ආවටත් වඩා ලස්සන සතෙක් මට හම්බුණා.
මම මගේ ක්ෂනික තීරණය ඉක්මණටම කුමාරයටත් එකක් දීලා දැන්නුව.
"මේ,මාර වැඩේනෙ!රට මීයො නෑනෙ!ඉවර වෙලා.ආයේ ගේන දවසක් කියන්නත් බෑලු!"මම බොහොම දුකින් කිව්වා.
"අනෙ!ඇත්තද?දැන් මොකද කරන්නෙ?මමත් හරි අසාවෙන් හිටියෙ ඔයා එකෙක් අරන් එනකන්.අපරාදෙ!ඔයා ආසාවන් ආපු එකනෙ!හාවො ඉන්නවද?එහෙනුම් හාවෙක් ගන්න.කොහොමත් ඔය මීයොන්ගෙන් ලෙඩ එහෙමත් හැදෙනවද දන්නෙත් නෑනෙ!
"සුදු පාටයි,කහ පාටයි තමයි ඉන්නෙ.මොන පාටද ගන්නෙ?"
"කහ පාට??මම නම් දැකලම නෑ!සුදු අය ලස්සනයිනෙ.එකෙක් ගන්න"
"අනේ!උන්ගෙ ඇස් රතු පාටයිනෙ!බය හිතෙනවා!මම ආස නෑ! කහ පාට අය නම් ලස්සනයි.ආස හිතෙනවා."
"ඔයා අස නම් කහ පාට එකෙක් ගන්න.ලස්සන ඇති.මාත් කහ පාට අය දැකලම නෑ.බලන්න ආසයි මටත්!"
(කුමාරයගෙ ගෙදරත් කලුයි සුදුයි හාවො දෙන්නෙක්ම ඉන්න නිසා තමයි හාවො සම්බන්ධව කුමාරයගෙ උපදෙස් පැතුවේ)
කහ පාට හා පැටව් වගයක් නම් ඉන්නවා! ඔහොම තමයි ඒ කතා බහ.අන්තිමේ අපි සාමූහික තීරණයකට එළඹුන කහ පාට හා පැටියෙක් ගන්න රට මීයා වෙනුවට.
"මේ හාවෙක් කීයද??"
"600යි"
ජෝඩුවක් ගන්න නම් ගෙනිච්ච සල්ලි මදි.මගේ අතේ ඒ වෙලාවෙ අරන් ගිහින් තිබුණෙ 1000යි.
"මල්ලී,මට එහෙනම් මේ හා පැටියෙක් දෙන්නකෝ.මේ කහ පාට එකෙක් හරිද?"
කොයි එකාද ඕනෙ කියල පෙන්නනකෝ මෙතනට ඇවිත්"
"මෙන්න මෙයා"
මම එතන හිටපු හුරතල්ම හා පැටියට අත දික්කරන ගමන් කිව්වා.
මල්ලිත් කූඩුව ඇතුලට අත දාලා මම පෙන්නපු පැටියව එලියට ගත්තා.ඌත් වැඩි කලබලයක් නොකරම එලියට ආවා.
"පෙට්ටියක දාලා දෙනවා නේද?"
"ඔව්,දාලා දෙන්නම්.ගොඩක් දුර යන්න තියෙනවද?"
"අහවල් තැනට"
"වාහනේකද යන්නෙ?"
"නෑ,බස් එකේ."(ඇයි බස් එක වාහනයක් නෙවෙයිද?)
කොහොමහරි ඉතින් මල්ලිත් අර හා පැටියා අල්ලලා පෙට්ටියක දාලා ඒකෙ හිල් විදලා හොදට තියලා මගේ අතට දුන්නා.
මාත් ඉතින් ගණුදෙනු බේරලා කරලා පාරට බැස්සා හරිම සතුටින්.ලස්සනම ලස්සන හා පැටියෙක් දැන් මගේ!ඉක්මණටම ගිහින් බස් එකක් එනකන් ඉදල නැග ගත්තා.හොද වෙලාවට නගින තැනම Seat හිස් එකක් තිබුණා.මාත් ටක් ගාල එතනින් වාඩි වුණා.පරිස්සම්න් පෙට්ටියත් අල්ලගෙන.බස් එක යන වේගෙට හාවට කරකැවිල්ල හැදෙයිද දන්නෑ.
මම ඉතින් සැරින් සැරේ පෙට්ටිය ඇතුලට ඇහැ දාලා ඌ හොදින්ද කියලත් විපරම් කරනවා.මට පිටිපස්සෙ එකේ හිට්යෙ කවුදෝ ගෑණු කට්ටියක්.මෙයාලත් දැන් මගේ දිහා බලාගෙන ඉන්නවා හොදට.එයාලට ඉවසිල්ලක් නෑ පෙට්ටිය ඇතුලෙ මොකෙක්ද ඉන්නෙ කියලා දැනගන්නකම්.මට දැන් ඇහෙනවා එයාලා එයාලා කතා වෙනවා. :පී
ඔන්න කවුද මට තට්ටුවක් දැම්මා.
වැඩේ හරි!
මෙයාලා දැන් ලෑස්ති වෙන්නෙ සහසුද්දෙන්ම පෙට්ටිය ඇතුලෙ ඉන්නෙ මොකෙක්ද කියලා දැන ගන්න.
"නන්ගි,පෙට්ටිය අතුලෙ ඉන්නෙ සතෙක් නෙද?මොකෙක්ද?"
(නන්ගි?අනේ දෙයියන්ටම පේන්න ඕනා.මම එකපාරටම අවුරුදු 15කින් 20කින් විතර වයසට ගිය හැටි.)
"බලු පැටියෙක් නේද?" එක්කෙනෙක් පැනපු ගමන් අහුවා!
"නෑ!පූස් පැටියෙක්!" ඒ තවත් කෙනෙක්.
"නෑ.මම හිතන්නෙ නම් හාවෙක් වෙන්න ඇති." ඒ තුන්වැන්නා.
"ඔව්,ඔව්.හා පැටියෙක් තමයි." මම කිව්වා.
"සුදු පාටද?"
"නෑ,කහ පාටයි!"
"අනේ!ඒකනෙ මම කිව්වෙ නැද්ද කලින්ම.අනේ කො පෙන්නන්නකො චුට්ටක්!"
මේ දන් පෙට්ටිය ඇරලා හාවා එලියට පැන්නොත්!එහෙම කියලත් බෑනෙ ඉතින්.කට්ටියගෙම ආසවනෙ.මමත් ඉතින් පෙට්ටිය කෙලවරින් චූට්ටක් ඇරල කට්ටියටම පෙන්නුවා.
"ආනේ!චූටි එකෙක්!"
"කහ පාටයි"
හරිම ලස්සනයි"
කට්ටියගෙන්ම උපරිම ප්‍රෙක්ෂක ප්‍රතිචාර!
මටත් ඉතින් හෙනම සතුටුයි.!
කොහොමින් කොහොම හරි බහින තැනත් ලන් වුණා.
මාත් පරිස්සමට පෙට්ටිය අල්ලගෙන,හෙලවෙන්න නොදී බස් එකෙන් බැස්ස.
පයින් යන්න තියෙන ටික දුරත් හිමින් හිමින් ආවා පය පැටලිලා වැටෙයි කියලා තියෙන බයට.
කොහොමහරි ගෙදරටම ආවා!
හ්ම්ම්හ්!අදත් ගොඩාක් වෙලා කතාව කිව්වා.තාම දවල්ට කෑවෙත් නෑ.දැන් බඩත්ගිනියි!එකදිගට කියවනකොට එපා වෙනවත්නෙ.ඉතින් ඉතුරු ටික අනිත් දවසෙ කියන්නම්.කතාව ටිකක් දිග නිසයි කොටස් වශයෙන් ලියන්නෙ.ඒකට සමා වෙන්ඩ ඕනා!මගේ හා පැටියට ගෙදරින් ලැබුණු Comments ගැන ලියන ඊලග කොටස ලගදිම බලාපොරොත්තු වන්න!
හපෝ... ආයෙම නැවැත්තුවා නේද...?
ReplyDeleteඔය කුමාරයා මම කියන කුමාරයමද..?
01. සුභ පතනවා නංගි ඔයාගේ බ්ලොග් එකට.දිගටම ලියන්න...:-)
ReplyDelete02. බ්ලොග් header එකේ image එක ලොකු වැඩියි කියල හිතුණා. බ්ලොග් එකට ආපු ගමන් header image එක විතරයි පේන්නේ...'සින්ඩරෙල්ලාගේ අඩවිය' කියල නමට හොඳ font එකකින් උස අඩු පොඩි image එකක් හදල දැම්මනම් ලස්සන වෙයි නංගි.
කහ පාට හා පැටියා..නියමයි.අර උඩින් කමෙන්ට් එකේ කිවුවා වගේ header image අඩු කරන්න.දිගටම කතාව ලියන්න.ජය !
ReplyDeletenangi man haa kumaraya wennamko
ReplyDeleteanna wede
Deletehehe.no thanks.
Delete;)
Deleteනියමයි හොදේ...
ReplyDeleteoyata lassnata liynna puluwanne ane..shoooiii... nishi :)
ReplyDeleteතෑන්ක්ස් අක්කී!
Delete