Thursday, August 23, 2012

6.නුඹ............









මා හිසට සෙවණ සැදු
විසල් තුරු හිස නුඹය
උණුසුම් කතර මැද
සිසිල් පැන් බිද නුඹය
රෑ අහස එලිය කළ
ලා සඳ කිරණ නුඹය
ඉමක් නැති සයුරු තෙර
මග සළකුණ නුඹය

විඩාබර සිත් ගැබට
මිහිරි ගී නද නුඹය
වියලුණු ගහ කොළට
සිහින් පොද වැසි නුඹය
තනිව පිපි කුසුමකට
ඇදුණු බඹරිදු නුඹය
මගේ ලොව එළිය කළ
සිහින කුමරා නුඹය...........








10 comments:

  1. අළුත් බ්ලොග් එකක් නේද?හොදට ලියන්න.වැදගත් දේවල් ලියන්න.මේ නිර්මාණයත් ගොඩක් හොදයි.මං සුබ පතනවා.!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ලස්සනයි යාළුවා..දිගටම ලියන්න..සුභ පැතුම්

    ReplyDelete
  4. සුවඳ බෙදා උතුරවන්න
    පෙති විහිදා හිනා වෙන්න
    හිත කියනවා ඒ නුඹ බව
    දිදුලන සුදු තඹුරු කුසුම
    ගොරෝසු නටුවක් වී මම
    රොන් මඩ ගොහොරින් ඔසවා
    රැක ගන්නම් පණ වාගේ
    ආයෙමත් සුවඳ බෙදා හිනා වෙන්ට
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  5. ලස්සනයි...දිගටම ලියන්න යාළුවා...

    ReplyDelete
  6. සින්ඩරෙල්ලා වැඡබේවා

    ReplyDelete
  7. සුභ පැතුම් අලුත් බ්ලොග් එකට.. සින්ඩරෙල්ලා නමින් තව එකක් දැක්කා..මන් හිතුවා ඒක කියලා.. මේක අලුත් එකක් නේ..
    ජය වේවා.. :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි!හ්ම්ම්හ්.ඔව් අලුත් බ්ලොග් එකක් තමයි!ඒත් මගේ එක අරක කලින් පටන් ගත්තු බව නම් කියන්නම ඕනේ! :)

      Delete
  8. මාව දිරි ගන්වනවාට හැමෝටම ගොඩාක් ස්තූතියි.ඒ වගේම අඩුපාඩුත් පෙන්වල දෙන්න.දිගටම මාත් එක්ක ඉන්න. :)

    ReplyDelete