Thursday, August 23, 2012

5.තාත්තාගේ තරුණ අවධිය...........

බ්ලොග් එක පටන් ගත්ත දවසෙ ඉදලම සින්ඩරෙල්ලා ලිව්වෙ ආදරේ ගැනම නිසා,කියවන අය හිතාව්ද දන්නෙ නෑ මේක ආදර ලෝකයක් කියලා.ඒ හින්දයි,ඒකාකාරී බවින් මිදෙන්න ඔන නිසයි සින්ඩරෙල්ලා කල්පනා කලා අලුත් දෙයක් ගැන ලියන්න.දැන් මේ සින්ඩෙරෙල්ලා අරන් තියෙන්නෙ ඉතාම භයානක තීරණයක්.සින්ඩරෙල්ලා කල්පනා කලා සින්ඩරෙල්ලගෙ තාත්තා තරුණ කාලේ කරපු වැඩ ගැන ලියන්න.ඇත්තටම මේවා සින්ඩරෙල්ලාට ආරන්චි උනේ තාත්තගෙ යාළුවන්ගෙන්.මොකද මේවා සිද්ද වෙන කාලේ සින්ඩරෙල්ලා ඉපදිලා තියා තාත්තා කසාදයක් වත් බැන්දලා නෑ.


තාත්තාට දැන් 50ත් පැනලා.ඒ වුනත් තාත්තට තියෙන්නෙ වයසට නොගැලපෙන තරමේ ලස්සන නමක්.මම කල්පනා කරනව ඇයි තාත්තගෙ සම වයසෙ අයට වගේ තාත්තාටත් "සිරිපාල","සෝමසිරි","චන්ද්‍රසිරි" වගේ නමක් අත්තම්මයි සීයයි දාලා නැත්තෙ කියලා.ටිකක් හිතන් යනකොට මට තේරුණා සිද්ධිය.ෂුවර් එකටම සින්ඩරෙල්ලාගෙ අත්තම්මට ඒ කාලේ හින්දි පිස්සුවක් තියෙන්න ඇති.මොකද අපේ තාත්තාට විතරක් නෙවෙයි,බාප්පා,මහප්පා දෙන්නටත් තියෙන්නෙ පරණ හින්දි නළුවන්ගෙ නම්.ඒ දෙන්නගෙ නම් නම් ටිකක් common.ඒත් අපේ තාත්තාට තමයි ලස්සනම,ඒ වගේම unique name එක තියෙන්නෙ.නම වගේම හොන්ද කඩවසම් පෙනුමකුත් තත්තට තිබුණු බව මම දන්නවා.ඒ තරුණ කාලේ ගත්ත පින්තූර වලින්.

තරුණ කාලෙදිම ප්‍රසිද්ධ බැන්කුවක සේවයට ගිය තාත්තා අදටත් සේවය කරන්නෙ එහෙම තමයි.අද වෙනකොට යමක් කමක් හම්බ කරගෙන හොද සැපවත් ජීවිතයක් ගත කලත් තාත්තා ඒ වගෙ තත්වෙකට ආවේ කාගෙන් වත් කිසිම දෙයක් ලබා නොගෙන තමන්ගෙම උත්සාහයෙන්,දැඩි කැපවීමෙන් කියලා බොහෝ දෙනා දන්නවා.අද වෙනකොට බැන්කු කළමණාකාරවරයෙක් වුනත් මම දන්න තරමින් තාත්තා බැන්කුවෙ සේවයට බැන්දිලා තියෙන්නෙ සාමාන්‍ය ලිපිකරුවෙක් විදිහට.


ඒක ඒ තරම් බැරෑරුම් තනතුරක් නොවෙන නිසා තරුණ අවධිය විනෝදෙන්,සැහැල්ලුවෙන් ගත කරන්න ඔහුට ඉඩක් ලැබෙන්න ඇති.තාත්ත කළ බොහෝ දෑ තත්තා වටේ හිටපු මිත්‍ර සමාගමට නම් විනෝදයක් වුණ බවයි මට පේන්නෙ.මොකද මගේ තාත්තා හිතා මතා කාටහරි විහිලුවක් කරනවා නම් මම මගෙ ඇස් දෙකට දැකලා නැති නිසා.මට මතක කාලයේ ඉදලම ඔහු ටිකක් නිහඩ පුද්ගලයෙක්,ඒත් තරුණ කාලේ එහෙම නැතුව ඇති කියලයි ඇහෙන දේවල් අනුව සින්ඩරෙල්ලට හිතෙන්නෙ

මේ කියන්න යන්නෙ තාත්තා තරුණ කාලේ තාත්තට වුණ ඇබද්දි කීපයක්.ඒත් තාත්තගෙ යාලුවන්ට නම් මේ දේවල් නියම විනෝදයක් වුණු බවයි ආරන්චිය.

*********************************************************************************************************

මේක බැන්කුවෙදි වෙච්ච දෙයක්!

"ගාලු කොටුව බැන්කු ශාඛාවවේ කෑම කාමරයට යන්නේ සාලය වැනි විශාල කොටසේ වූ ජන්ගම ගිණුම්,ඉතිරි කිරීමේ ගිණුම්,BATCH ආදිය පසු කරගෙනය.ඉපැරණි බරසාර Telephone රාජයා සමග සිටින රජකාලේ Type Writerය ද සෑහෙන සාවියක් හසු කරගෙන සිටියේය.යතුරු ලියන්නිය නොමැති වෙලාවක තාත්තාගේ සහෝදර බැන්කු සගයෙක් Type Writerය මත පත්තරය එලාගෙන කියවමින් සිටියේය.ඔහුගේ දුම් දමන තේ කෝප්ප්ය තබාගෙන තිබුනේ Type Writerය මත එලන ලද පත්තරයේ අග්ගිස්ස හරියේය.සාලය හරහා යමින් සිටින කෙනෙකුට පෙනෙන්නේ ඔහු Type Writerය මත එලූ පත්තරය කියවමින් සිටින බවකි.

ඔලිම්පික් තරගයේදී පාදයේ මස් පිඩු තෙරපීමකට ලක් වී,රන් පදක්කමට තරග වදිමින් සිටි සෝලා බඩ්,තරගය අතර තුරදී කුන්දු ගසමින් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීම එකල ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන දසුනකි.ඇය තම දෙකකුල් බදාගෙන හඩා වැලපෙමින් මන් තීරුවෙන් ඉවතට පැන බිම වැතිරී සිටියාය.ඇගේ එක අනුවේදනීය අවස්ථාව ඉතා මතකයේ සිටින අයුරින් කැමරාගත කල පින්තූර එකල ඉතා සුලභ විය.මාස 6ක පමණ කාලයකින් පසු "සෝලා බඩ්" පුවත්පත් සාකච්ඡාවකින් පසුව කියා සිටියේ දැන් ඇයට පූර්ණ වශයෙන්ම සුව බවය.මෙය ඉතා ප්‍රබල ප්‍රසිද්ධියක් දී ප්‍රචාරය කරමින් තිබුණි.පුවත්පත කියවමින් සිටි ඔහු එහි ප්‍රධාන ශීර්ෂය කියවමින්,
"ඒයි..... මෙන්න සෝලා බඩ් ආපහු සීන් එකට ඇවිල්ලා"යයි කෑ මොර දුන්නේය.ඔහුගේ අවාසනාවකට ඒ වෙලාවේ එතනින් යමින් සිටියේ මගේ තාත්තාය.Type Writerයේ පත්තරය වනාගෙන සෝලා ගැන කියන මිත්‍රයා දෙසට යාමට ඔහු අමතක නොකලේ,ඔහුට හැම දෙයක් ගැනම දැන ගැනීමේ උවමනාව තිබූ නිසාය.

"මොකද්ද මොකද්ද කීවෙ?.. ඒ පාර මොකද්ද සෝලාට වෙලා තියේන්නේ.."
දැන් තාත්තා යන්නේ Type Writerයේ පිටි පැත්තෙනි.එදෙසින් බැලූවිට ඔහුට පෙනෙන්න් Type Writerය වසාගත් පත්තර පිටු පමණකි.ඔහුට පත්තරය බැලීමට වුවමනා විය.ඔහුට නොපෙනෙන පැත්තේ දුම් දමන තේ කෝප්පයක් තිබෙන නව ඔහුට නොපෙනේ;නැතහොත් ඔහුට එය දැන ගැනීමට වුවමනාවක්ද නැත.
"කෝ බලන්න........... උඹයි මමයි දන්න සෝලා බඩ්"යයි සරදමට කියමින් ඔහු පිටි පස්සේ සිට පත්තරය මුළුමුනින්ම තමන් දෙසට ඔසවා ඇද්දේය.
එකවරම මර හඩක් ඇසිනි.දුම් දමන තේ කෝප්පය පෙරැලී ගිනි රස්නයෙන් යුත් තේ වතුර මිතුරාගේ ඉනෙන් පහල දවාගෙන ගලා යයි.කෝප්ප පීරිසි කුඩු පට්ටම් වී මහා ගාල ගෝට්ටියක් ඇති විය.

මිතුරා දෑතින්ම තම ඉනෙන් පහළ කොටස වසාගනිමින් කෑම කාමරය පසු කර නාන කාමරයට වැදී දොර වසා ගත්තේය.තාත්තා කථා නැත,තුෂ්නිම්භූතව් වී බලා සිටී.සිද්ධිය දුටු හා නුදුටු බවලත් උදවිය විලාප දෙමින් පැසේජය දෙවනත් කරමින් කලබල කරන්නට විය.මිතුරාගේ ඇදුම බතික් මෝස්තරයක් දැමූ කලෙක මෙන් විය.කාර්‍යාලයේම සුලු සේවකයෙකු විසින් දෙන ලද සුදු ෂර්ට් එක සහ සුදු කලිසම නාන කාමරයේ දොර හැර මිතුරා අතට දුන්නේ ඔහුට වෙන අදින්නට කිසිවක් නොවූ බැවිනි.
මිතුරා ප්‍රථමාධාර ද ලබා CBC යයි සාක්කුවේ මැසූ කමිසය ද,කලිසමද හැද එලියට ආවේය.සියල්ලට මුල වූ මගේ පියා ඔහු දෙස බලා,ඔහු යුන්ෆෝමයක් ඇද ඇති බව ඉතා පැහැදිලි වන සේ,
"බලපන්.... මූ හොදයි දැන් Cheque ටිකක් දීලා Clearing යවන්න.... යයි කී විට සියල්ලෝම සිනාසුණේ විහිළුවට පමණක්ම නොව,එතරම් විනාශයකට මුල වූ ඔහු කිසිදු බරක් නොමැතිව එසේ කියමින් ය වෙත ගිය ස්වරූපය නිරීක්ෂණය කිරීමෙනි.

මේ සිද්ධියත් සමගම කොටුව ශාඛාවේ ඕනෑම පිගන්,වීදුරු බ්දී යාමක්,අත් වැරද්දකින් සිදුවන අකරතැබ්බයක්,ඕනෑම වර්ගයක "වණ"වීමක් හැදින්වූයේ "සෝලා පාරක්" යන නමිනි."

**********************************************************************************************************

ප්‍රවීන ගීත රචකයෙක් වන බන්දුල නානායක්කාරවසම් අපේ තාත්තාගෙ හොදම යාළුවෙක්.තරුණ කාලේ දෙන්න එකට බැන්කුවෙ වැඩ කරලා තියෙන්නෙ.මේ කියන්න යන්නේ බන්දුල අන්කල්ට මෝටර් බයිසිකල් පදින්න උගන්වන්න ගිහින් වෙච්ච වැඩක්.

"තමන්ගෙ අතිජාත මිත්‍රයාට මෝටර් බයිසිකල් පදින්න උගන්වන්න තාත්තට පුදුම උනන්දුවක් තිබුණි.මිතුරාගේ සොහොයුරියගේ නිවසට යායුතු ගමනක්ද විය.අවශ්‍යතා දෙකම සපුරා ගනු පිණිස දෙදෙනාම C-90 බයිසිකලයේ නැගී පිටත් විය.නගරයේ තදාසන්න පෙදෙසින් ඉවත් වූ පසු තාත්ත තම මිතුරාට බයිසිකලය පදින්නට දුනි.ඔහු ඉබ්බෙකු මෙන් ඉතා හෙමින්ද,ඉදිරියෙන් එන වාහන දුටු විට පිටිපස සිටි මගේ පියාව ගස්සමින් බ්‍රේක් ගසමින්ද ගමන් කරන්නට වූ නිසා.
"මමම යන්නම්....පස්සෙ බැරියැ ඉගෙනගන්න....මේක මෙහෙම ගියොත් තමා ගන්ඩ වෙන්නෙ"කියමින් තාත්තා යලිත් මෝටර් සයිකලය ගෙන ඔහුම පදින්නට විය.

ඒ යන අතරතුර ඔහු ඇක්සලේටරය ක්‍රියා කරවන හැටි,බ්‍රේක් ගසන්නට නොගොස්,ඇක්සලේටෙරයෙන් වේගය පාලනය කරන හැටි කියා යාළුවාට විස්තර කරන්නට විය.මිතුරාගේ සහෝදරියගේ නිවසට යාමට තිබුණේ ඉතාමත් ප්‍රියන්කර වූ සුදු වැලි සහිත පාරකිනි.දකුණු පස නිවන් වෙල් යායය.සුදු වැලි පාර නයෙකු මෙන් වක ගැසී වන්ගු සහිත වූවකි.

"මේ වගේ පාරක යනකොට අපි ටිකක් ඇගෙනුත් ඒ වන්ගු වලදි නමෙන්න ඕන...අන්ශක තිහට විතර ගත්තත් කමක් නෑ..."

බයිසිකලය නවමින් තාත්තා කියද්දිම සමතුලිතතාවය බිදී බයිසිකලය මුළුමුනින්ම බිම ඇනී දෙදෙනාම පොළවේ ගසන්නට සමත් විය.මිතුරාගේ වැලමිටි දෙකම පට්ටා ගොස් ලේ ගලන්නට විය.ඒ මදිවාට දණහිස හරියේ කලිසම පිච්චී එයද තුවාල විය.තාත්තාට වැඩි කරදරයක් නොවීය.ඔහු විසින් අසල තිබූ "ගොබළු" ගෙඩියක් උරච්චි කොට ඔහු එහි හපය මිතුරාගේ තුවාල මත තබන විට මිතුරාට දෙවියන් බුදුන් සිහිවිය.ඔහුගේ මොර තැබීමට අසලක පොදු ලිදක නාමින් සිටි ගැහැනු දෙදෙනෙක් බියපත් වූහ.

"ලොකු දෙයක් වෙලා නෑ.මොකද විලාප ගහන්නෙ?"කියූ තාත්තා රෝද කරකැවෙමින් තිබූ බයිසිකලය යලි කෙලින් කර මිතුරා එහි තබා ගත්තේය."


*********************************************************************************************************


මේ ඡායරූපකරණය කරන්න ගිහින් වුණ ඇබැද්දියක්!

"ඉතා මනරම් වූ නුවර එළිය විනෝද චාරිකාවේ පදමට මත් වූ පිරිසේ ඡායාරූප ගැනීම භාරව සිටි,දීප්තිමත් කැමරාකරුවෙකු වූ තාත්තා හග්ගල මල් වත්තේදී රීලයක් අවසන් වන තුරු ෆොටෝ ගැසීය.එදා අද මෙන් ලබාගත් ඡායාරූපයේ අඩු ලුහුඩුකම් එවෙලෙහිම ඩැක බලා ගැනීමට විදිහක් නොතිබුණි.නෙගටිව් සුද්ද කර බලන විට තිබුණේ අත් ,පා කැබලි සහ ගහ,කොළ,අහස.මල් පාත්ති යනාදියයි.

එක පින්තූර මුද්‍රණයෙන් පසු මිනිසුන් නැති ඡායාරූප ගැන කියන විට කවුරුත් තාත්තාට කිව්වේ
"අහස පොලව වට පිටාව හරිම හිස් තැනක්........" කියාය.


*********************************************************************************************************

(ඉහත සදහන් කිසිම සිදුවීමක් සින්ඩරෙල්ලා ඇස් දෙකට දැකලා නැති වුණත්,ඇසින් දුටු සිදුවීම් ලෙස ඉදිරිපත් කළේ ලිවීමේ පහසුවට පමණක් බව කරුණාවෙන් සලකන්න.)

14 comments:

  1. සින්ඩරෙල්ලගෙ තාත්ත ගැන අහල තිබ්බට මෙහෙම වැඩකාරයෙක් කියල අහල තිබ්බෙ නෑනෙ :P :D
    කතා තුන තව ලුනු ඇඹුල් දාල වෙන වෙනම ලිපි තුනකින් දැම්ම නං තමා තවත් හොඳ. :)

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.තාත්තා වැඩකරු. :පී ඔව්.ලිපිය නම් ටිකක් දිග වැඩි නේද??අවන්ක අදහස් වලට බොහොම ස්තූතියි!

      Delete
  2. අලුත් බ්ලොග් කාරියක් නිසා තවත් අදහස් කීපයක් දෙන්නද?
    බ්ලොග් එකේ නමෙන් ඔය අඩවිය කෑල්ල අයින් කරන්න. අඩවිය කිව්වම හිතෙන්නෙ සින්ඩරෙල්ල කියල මායාකාරියෙක්ගෙ බ්ලොග් එකක් කියලා :P
    අනිත් එක ඔය උඩ තියන ෆොටෝ එක ටිකක් ලොකු වැඩී වගේ.උස අඩු පලල වැඩි ෆොටෝ එකක් දැම්මොත් වැඩේ තවත් ලස්සන වෙයි කියල හිතෙනවා... :)

    ReplyDelete
    Replies
    1. උපදෙස් ටිකට ගොඩක් ස්තූතියි.තව තවත් අඩුපාඩු පෙන්නල දෙන්න. :)

      Delete
  3. මාර තාත්තෙක්නේ... ජය...!

    ReplyDelete
  4. :) nice work pal...wish i cud read ur all posts..keep it up... even Mis sarani wud b hapy abt u.. :)

    ReplyDelete
  5. හරිම ලස්සනට ලියලා තියවා.තාත්තා වාගේමයි දුත්.මේ වගේ කරන වැඩේ උත්සාහයෙන් කරනවා.

    ReplyDelete
  6. @ sachintha thnx a lot pal.hehe.I wondr whether she's get 2 knw abt dis.iranamkaarayath ikamanatama weda pennana. :)

    ReplyDelete
  7. @ Nawanga:හී හී තාත්තාගෙම දූ නේ ඉතින්. :පී

    ReplyDelete
  8. සින්ඩරෙල්ලා ...මට දැනෙන දෙත් කින්නම්.
    බලන අයට හිතේයි අයියො මෙකේ අලි පින්තුරයක් බලා තමා ආරම්බක ම්ටටමෙ කියල..නෑ එකෙත් තියනව මර ලස්සනක් එක සින්ඩරෙල්ලටම අවේනික ලස්සනක් ..
    එක ඔයාගෙම එකක් කරගන්න
    යම් දුරක් හරි අව දෙ නැගලා ගියා නම් වෙනස් කරන්න එපා
    ඔය පාට ,පසු බිම,පින්තුරේ ,ලියන විදිය ඔයගෙම විදියක් කරන්න .
    එකෞ වගේ දෙවල් දකිනවට වඩා වෙනස් ඩෙයක් දෙකිම ප්‍රියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.තව තවත් ඔයලගෙ අදහස් කියන්න.......

      Delete