Thursday, October 25, 2012

15.මේ ඇයගේ කතාවයි! (අන්තර්ජාලයෙන් ඇසෙන තවත් එක් කදුළු කතාවක්) :(



මේ දිනවල මුලු ලෝකයේම අවධානයට ලක්වුණු ඇමැන්ඩා ටොඩ් නැමැති 15 හැවිරිදි කැනේඩියානු දැරියගේ සියදිවි නසා ගැනීම ගැන අන්තර්ජාලයේ පල වුණු පුවත් මේ වන විට ඔබේ ඇස ගැටී ඇති බවට නොඅනුමානයි.ඇය විසින් තම දිවි හානි කරගැනීමට මාසයකට පමණ පෙරදී you tube වෙබ් අඩවියට මුදා හරින ලද ඇගේ ජීවිත කථාව ඇතුලත් වීඩියෝ පටය මගේ නෙතට කදුලක් එක් කරන්නට සමත් වුනා.



ඔබ මෙතෙක් එය නරඹා නොමැති නම් මෙතනින් ගොස් නරඹන්න .ඇගේ කදුලු කතා ඇසීමට ඔබේ වටිනා කාලයෙන් විනාඩි 8ක් පමණක් වෙන් කරන්න.



"ඇගේ කතා පුවත Facebook වෙබ් අඩවියේ මම කියවූ ලෙසටම ඔබට ඉදිරිපත් කරන්නම්.මන්ද මගේ වචන වලින්ම එය ඔබට පැවසීමට තරම් මට ශක්තියක් නොමැති නිසා.

ඇමැන්ඩා... ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක්. මේ වයසේ අනෙක් දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට, පිරිසක් අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට, ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා. මෙතැනදි ඇයට "පිහිටට එන්නේ " අන්තර්ජාලය සහ සමාජ ජාලා වෙබ් අඩවි. ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුවෙනවා, හැඟුමන් හුවමාරු කරගන්නවා. යෞවනය... නැවුම් හැඟුමන් උතුරා යන යෞවනය... මේ බැඳීම් තව තවත් ලෙංගතුව රඳවන්නට ඇයට බලකළා... ඇය අන්තර්ජාලය ඔස්සේ පැමිණි සෙනෙහසට, මිත්‍රත්වය වැළඳ ගත්තා... ඒත්...

ඒත්... ඩිජිටල් මඟ ඔස්සේ පැමිණි, එක්තරා විකෘති මානසිකත්වයක් ඇති පුද්ගලයෙක් ඇයගේ සේයාරුවක් ගත්තේ වෙබ්කැම් එක ඔස්සේ. මේ දැරිවිගේ "තුණු සපුවේ" සේයාරුවක් ගත් ඔහු ඉන් පසු කළේ ඇයට බලපෑම් කිරීම. ඇගේ සේයාරුව ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් කළ බලපෑම අවසානයේ ඇයට දැන ගන්නට ලැබෙනවා ඇගේ ඒ සේයාරුව ප්‍රදේශයේ පුරා, ඇගේ පාසල් මිතුරන් අතරේ පවා බෙදාහැර ඇති බව. මේ දැනගත් තැන පටන් ඇය කියන පරිදි ඇයට මානසික අවපීඩනයක් ඇතිවී තිබෙනවා.

මේ අවාසනාවන්ත සිදුවීමේ ඊළඟ පියවර ඇය පාසලේ මිතුරන් අතරින් කොන්වීම. ඇයට කවුරුවත් නැහැ. අනෙක් මිතුරු මිතුරියන් සිනාවෙන්, සතුටින්, කෙළි දෙලෙන් ගත කරත්දි අය තනිවෙනවා. තනියම කොනකට වෙලා ඉන්න ඇය පාසලේ සතුටුම වෙලාව විවේකය, ඒත් ඇයට සතුටක් නැහැ. ඇය තනියම තමන්ගේ කෑම වේල කත්දි අනෙක් හැමෝම සතුටින් සිනාවෙන කන බොන හැටි අය දකිනවා. මිතුරන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේ වෙනස හඳුනාගන්නා දෙමාපියන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒත් ඇය සිතින් විඳවනවා."මට කවුරුත් නැහැ. මාව කොන්කරලා..." මේ විඳවීමට ඇය පිළිතුරක් සොයනවා. මත්පැන් සහ මත්කුඩු ඇයට පිළිතුරක් සේ පෙනෙනවා. ඔව්... ඇය ඒ පිහිට පතන්නේ "වෙන කරන්න දෙයක්, කියන්න කෙනෙක් නැති තැන". ඒත් විඳිවීමේ නිමාවක් නැහැ. තව තවත් වැඩිවනවා මිසක. ඇය හඩනවා. හැමෝගෙම උපහාසයට, රිදවීම් වලට කොන්කිරීමට ලක්වෙන ඇය පාසලින් තවත් පාසලකට මාරුවෙමින් මේ විඳවීමෙන් මිදෙන්නට උත්සාහ කරනවා.



ඇයට මේ විදියට මාරුවෙන පාසැලකින් ඇයට වඩා වයසින් වැඩිමහලු තරුණයෙකු හමුවෙනවා. ඔය අතරේ තමන්ට නොලැබෙන ආදරය ලැබුණායැයි දැනුන ඔහුගෙන් ඇය අතවරයට ලක්වෙනවා. අවසානයේ ඔහු තමන්ගේ කාරිය කරගෙන ඇයව ප්‍රතික්ෂේප කරනවා. ඒ පමණක් නොවෙයි ඔහුගේ ආදරවන්තිය ඇතුළු පාසලේ මිතුරන්ගේ උපහාසයට, රිදවීම්වලට ඇය ආයෙත් ලක්වෙනවා. අළුත් පාසලත් ඇයට අපායක් වෙනවා. "මම ලෝකයට විහිළුක් වෙලා.මට රිද්දන්නම, මගේ පස්සෙන්ම මේ රිදවුම් එනවා" අයට සිතෙනවා. ඇයට පෙනෙන උත්තරය පිළිගන්නට ඇය සූදානම්. යම් උපක්‍රම ගනිමින් ඇය සිය දිවි නසා ගන්නට තැත් දරනවා. ඒත් ඒ තැත් වරදින ඇයට ඊට පස්සේ සිදුවන්නේ නැවතත් පෙරටත් වඩා රිදවුම්, විඳවුම් විඳින්නට. "ඇයි මේ ලෝකයම මට රිදවන්නේ. මම සිතින් දැන් මැරිලා. මට මැරෙන්න ඕන." ඇගේ තීරණය. දෙවරක් ඒ තැත වරදින ඇයට තුන්වන වාරයේදී ඇය "බලාපොරොත්තු වූ" මිදීම ලැබෙනවා. ඉකුත් 10 වැනි දින ඇය ලොවින් සමුගන්නවා. ඒ තවත් සියදිවි නසා ගැනීමක් ලොවට එක් කරලා. අද ඇය මෙලොව නැහැ.

ඒත් අදට මාසයකට පමණ පෙර ඇය ලොවට ඊට වඩා වැදගත් දෙයක් එක් කළා. ඇය තමන් විඳිවූ විඳවීම්, කඳුළු කතාව, ඇත්ත කතාව වීඩියෝවක් බවට පත්කරලා තිබුණා. ඇය ඒ වීඩියෝවේ එක් තැනක මෙහෙම සඳහනක් කරනවා. "I can never get that photo back" ඔව්, ඔබ අන්තර්ජාලයට මුදාහරින ඡායාරූපයක් සදහටම ඉන් ඉවත් කරගැනීම ඔබට කළ නොහැකියි. මෙතැනින් පස්සේ ඔබ දකින්නේ ඒ වීඩියෝව. බලන්න... කළබල නැතිව බලන්න... විනාඩි අටක් පුරා දිවයන මේ වීඩියෝව පුළුවන් නම් දෙවරක් බලන්න. මුල් වර ඇය ලියා පෙන්වන කාරණා ටික කියවන්න. දෙවන වර ඇගේ මුහුණේ, කටේ, දෙතොල්වල වන වේදනාබර හැඟුම් දකින්න. ඔබ සංවේදී අයෙක් නම් නෙතට කඳුලක් නැඟෙනු නොඅනුමානයි. එය පාඩමක් !ඇමැන්ඩා ලොවට දුන් පාඩම ඔබ හඳුනගන්න. ලෝකය අපායක් වූ ඒ සුරංගනාවියට ඇහුම්කන් දෙන්න. ඔබ වටා ඇති සමාජය ගැන හිතන්න. facebook තුළ සිටින ඔබේ මිතුරියන් දැනුවත් කරන්න මෙය බෙදාගන්න. මොහොතකට නවතිමි. මනසින් වගේම මසැසින් ඒ වීඩියෝව ඔබට නිරාවරණය කරමින්..."

(උපුටා ගැනීම "ලොවෙත් නෑ "ෆේස්බුක්>පිටුවෙන්)

අද ඇය අපි අතර නෑ.ඇය විදි දුක් සමුදායෙන් මිදීමට ඇය තෝරාගන්නා ලද්දේ පහසුම මාර්ගය වූ දිවි නසා තොර කර ගැනීම.ඇයට නිසි මාර්ගය පෙන්වන්න,සැනසිලි වදනක් කියන්න,ඇගේ දුක තේරුම් ගන්න කවුරුත් ඉදලා නෑ.ඒත් දැන් ඇගේ මරණින් පස්සේ මුලු ලෝකයක් ඇය ගැන කතා කරන්වා.ජීවිතේටවත් ඇයව දැකලා නැති,ඇයව හදුනන්නේ නැති දෙනෝදහක් දෙනා ඇය වෙනුවෙන් කදුලු සලනවා,ඇයට හොදා ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවත්ව සිටිද්දි තමන් වෙනුවෙන් කතා කරන්න කවුරුවත්ම නොහිටියත් අද ඇය වෙනුවෙන් පෙනී හිටින්න මුලු ලෝකයක්ම පෙල සැදිල ඉන්නව.


ඒත් ඒ කිසි දේකින් ඇයට නැවත ජීවිතය ලබා දෙන්න බෑ.ඇය සදහටම ගිහින්.තමන්ගෙ අතින් සිදුවුණු එක පොඩි වැරැද්දක් නිසා ඇයට තමන්ගෙ ජීවිතෙන් වන්දි ගෙවන්න සිදු වුණා.ඈ වටා සිටි කුරිරු සමාජය තේරුම් නොගත් එක දෙයක් තිබුණ.ඒ තමයි ජීවිතේ යම් තැනක වැරදුණු පමණින් කිසිම කෙනෙක් අපරාධකාරයෙක් වෙන්නෙ නැති බව.එහෙම හන්වඩු ගහලා සමාජෙන් කොන්කිරීම නොකළ යුතු බව.ඒ වගේම මතක තියාගන්න!කවමදාවත් පිටතින් බලලා පුද්ගලයෙක්ව විනිශ්චය කරන්න යන්න එපා.එකම එක සිදුවීමක් හේතු කරගෙන යම්කෙනෙක් නරක කෙනෙක් කියල තීරණය කරන්න ඉක්මන් වෙන්න එපා.එදා ඔවුන් ඒ දේ වටහා ගත්තා නම් අදටත් ඇය ජීවතුන් අතර ඉදීවි.









මට අමාරුවෙන් හරි මේ පෝස්ට් එක ලියන්න හිතුණෙ ඒ ප්‍රවෘත්තිය අහලා මගේ හිතේ ඇතිවුණු සිතිවිලිත් එක්ක.මගේ අදහස් වලට අනිත් අය එකග වෙයිද නම් දන්නෙ නෑ!

මේ ගැන ඔයාලගෙ අදහසත් කොටලම යන්න!:(

12 comments:

  1. මේවා දැක දැකත් ඒ වගේ මිනිසුන්ට අහුනොවී තමන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්න පුලුවන්නම් ලොකු දෙයක්. ඒත් අවුල තියෙන්නේ තාමත් අපේ එවුන්ට ඕකේ බරපතල කම තේරෙන්නේ නෑ.මේ වගේ සිද්ධි දැක දැක කරන්නෙම මෝඩ කම්..

    ReplyDelete
  2. හ්ම්ම්හ්!ඒක නම් සම්පූර්ණ ඇත්ත! :'(

    ReplyDelete
  3. මේ සිද්දිය අපේ රටේ සහෝදරියන්ටත් හොඳ පාඩමක්

    ReplyDelete
  4. මම මේ ලිපිය කියෙව්වේ නෑ.මොකද තවත් එක් කදුළු කතාවක් කිව්වනේ.එහෙන් මෙහෙන් කියෙව්වා.එතකොට කතාව හරය තේරුම් ගියා.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ එනවට බොහොම ස්තූතියි! :)

      Delete
  5. වැදගත් ලිපියක්..පාඩමක් ඉගෙන ගන්න පුළුවන් ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්හ්! :) කියෙව්වට බොහොම ස්තූතියි!

      Delete
  6. ගැහැණිය පළමුව දුවෙකි,ඇය දෙවනුව සහොදරියකි,ඇය ඉන් පසුව පෙම්වතියකි,ඇය ඉන් පසු බිරිඳකි.ඇය ලොව උත්තරිතර වන්නේ මව් පදවියට පත් වු විටය.ජිවියා බිහි වන්නේ ඇයගේ කුසයෙන් පමණි.ඉතිං මගේ මිත්‍රයණි ඇය නැසිම ලොකයා නැසෙනවා සමානයි.වැදගත් ලිපියක්
    http://manasindiviyata.blogspot.com

    ReplyDelete
    Replies
    1. ලස්සන අදහසක් අක්කී.සම්පූර්ණ ඇත්ත! :)

      Delete
  7. හිත අවුල් කරපු කතාවක්........අනේ මන්ද..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්හ්.ඔව් නේ.මටත් එහෙමයි! :'(

      Delete