Monday, October 22, 2012

14.මගේ පොඩි එකා.............

අද මම මේ ලෑස්ති වෙන්නෙ මගේ පොඩි එකා ගැන ලියන්න. :ඩී එයා තමයි මගේ පණ.මේ තරන් ආදරෙන් බලා ගන්න නිසා මගේ බ්ලොග් එකෙන් පොඩි ඉඩක් එයාටත් වෙන් නොකරොත් ඒක මදිකමක් කියල හිතුනා.ඒ නිසා එයාගෙ profile එක තමයි අද ඉදිරිපත් කරන්න යන්නෙ. :පී

නම:බඩී

වෙනත් නම්:චූටි(මම ආදරේට කත කරන්නෙ ඒ නමින් තමයි නිතරම වගේ),තඩියා(අපේ නගා තරහට කියන නම )

වයස:මාස 6ක් විතර

ස්ත්‍රී/පුරුෂ භාවය:පුරුෂ

ලිපිනය:අපේ ගෙදර ලිපිනෙම තමා ඉතින්

දෙමාපිය/භාරකරු:වෙන කවුද ඉතින් මමම තමා

වර්ණය:රත්තරන් පැහැයට හුරු කහ පාට

හැඩරුව:කකුල් දෙක සාපෙක්ෂව අත් දෙක ටිකක් කොටයි.කකුල් දෙකේ පතුල ටිකක් දිගයි.කන් දෙකත් දිගයි.

විශේෂ හැකියාවන්:ඉතාමත් කුඩා ශබ්දයක් වුව ග්‍රහණය කරගැනීමේ තියුණු ශ්‍රවනේන්ද්‍රිය ඇත,ඉතා විමසිලිමත්ය

දුර්වලතා:කතා කිරීමේ හැකියාවක් නැත(ගොළුය),කුඩා ශබ්දයකින් වුව බියට පත් වේ

ප්‍රියතම ආහාර:පරිප්පු(පිසින ලද),කැරට්,ගෝවා,පාන්,සුදු ළූනු(පොතු ),ක්ෂනික ආහාර(රසැති බිස්කට්,ටිපිටිප්,මාළුපිනි(නිර්මාන්ශ ),ආහ්,තව ෆ්‍රයිඩ් රයිස්(ඒවාට දාල තියෙන බිත්තර එහෙමත් කැවෙනවා ඉතින් නිර්මාන්ශ උනාට )

වෙනත් ආහාර:කන්කුන්,ගොටුකොළ,තණකොල,පොල්කොළ,උදුපියලිය,ඕනෑම මල් පැළයක්,කඩදාසි,රබර් සෙරෙප්පු,වයර්

ප්‍රියතම පානයන්:ජලය පමණි

ප්‍රියතම ක්‍රීඩා:උඩ පැනීම,දිවීම

විනෝදාන්ශ:කෑම,නිදා ගැනීම්,අලස ලෙස වැතිර සිටීම,බිම හෑරීම,සොයාගැනීමට අපහසු තැන්වල සැගවීම

ගැවසීමට ප්‍රිය කරන ස්ථාන:මගේ ඇද අසල,කුස්සිය,ගෙවත්ත

නරක චර්‍යාවන්:මා නිදා සිටින විට ඇද උඩට පැනීම,කෑම සුවද දැනුනු විට කෑම ඉල්ලා බත් පිගන් උඩට පැනීම,කුස්සියෙන් සුදු ළූනු හොරක්ම් කිරීම,රබර් සෙරෙප්පු කෑම,වයර් කපා දැමීම,වතුර කෝප්ප්යේ ඇති ජලය විසිරුවා දැමීම,මල් පැල විනාශ කිරීම,වැදගත් ලිපි ලේඛන ආහාරයට ගැනීම,ගේට්ටුවෙන් එලියට පැනීමට පුල පුලා බලා සිටීම.

වඩාත් ප්‍රිය කරන පුද්ගලයින්:මම,අපේ නගා,අපේ අම්මා

අකමැති පුද්ගලයින්:අපේ තාත්තා තමයි ඉතින්

ප්‍රධාන සතුරන්:ලේනා,බල්ලා



ඡායාරූප එකතුව:


මේ චූටිම කාලේ ගත්ත photos වගයක් ............











මේ ටිකක් ලොකු වෙලා .........






චූටියා learns to rock! :පී (මගේ පිස්සු වැඩ තමා ඉතින්)




රිද්දුවෙ නෑ හරිද?



මේ ඊයෙ අපෙ නගා ගත්ත එකක්........




16 comments:

  1. හිකිස්!තෑන්ක්ස් අයියා........

    ReplyDelete
  2. හරිම ෂෝක් බනියෙක්...

    ReplyDelete
  3. ෂෝයි අනේ..මටත් කාලයක් හිටියා හා පැටව් දෙන්නෙක්..පස්සේ එයාලව ගිහින් දැම්ම ආයෙමත් බලාගන්න අමාරු නිසා ලොකු සත්තුන්ගෙන් :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්හ්.......... ඔව් අක්කි.පරිස්සම් කරන එක හරිම අමරුයි තමයි.අපේ ගෙදර නම් තව බලු රාලලා දෙන්නෙකුත් ඉන්නවා.ඒත් කරදරයක් නෑ එයාලගෙන්.මෙයාට තනි නිසා තව යාලුවෙක් ගේන්න ඕනේ.ඒත් ඉතින් දෙන්නෙක්ගේ වැඩ කරන්න අමරුයිනේ. :(

      Delete
  4. හී හී... නියමයි නේ අක්කියෝ...

    ReplyDelete
  5. තෑන්ක්ස් නගා.ඔන්න අපිත් ඒ පැත්තෙ ඇවිත් ගියා හරිද?දිගටම ලියාගෙන යන්න.පුලු පුලුවන් වෙලාවට එනව අපිත්. :)

    ReplyDelete
  6. කෝ අනේ අද පෝස්ට් එක?? ඒක පබ්ලිෂ් වෙලා නැද්ද??මම මේ ඒක බලන්න ආවේ :(

    ReplyDelete
    Replies
    1. අනේ ඒක වැරදිලා පෝස්ට් වුණේ!අයින් කරා ඒ නිසා.ඔන්න අද එකක් දැම්මා! :)

      Delete
  7. අයියෝ තල්ලී.මාරයි නේ......ජය ශ්‍රි!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! :) ඔයාටත් ජයෙන් ජය! :)

      Delete
  8. චූටි කාලේ ෂෝයි

    ReplyDelete