Saturday, February 16, 2013

16.උපන්නත් තිරිසන් කුළේ-බලනුමැන සෙනෙහස අගේ.............





ඇතැම් මිනිසුන්ට වඩා තිරිසන් සතුන් තුළ කළගුණ දැක්වීමත් - සෙනෙහස සහ දයාවත් තිබෙන බව විවිධ අවස්ථාවල අපි අසා ඇත්තෙමු. මේ ඡායාරූප පෙළින් කියවෙන්නේද එවැනි අරුම සහ අතිශය සං‍වේදී කතාවකි. අලවතුගොඩ අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචි පී. බී. අමරකෝන් මහතා ඉතාම ආදරෙයෙන් සුරතලයට බළල් පැටවෙකු ඇති කළා.




වසර පහක් පමණ මේ බළල් පැටියා අමරකෝන් මහතාගේ නිවසේ ඇති දැඩි වුණා. ඔය අතර හදිසියේම අමරකෝන් මහතා අසනීපව රෝහල් ගත වුණා . අවුරුදු අසූවක් වයසැති අම‍රකෝන් මහතා දින විස්සක් රෝහලේ සිටියා. ඒ කාලය තුළ ඔහු ඇති කළ බළලා කෑමොර දෙමින් සිය ස්වාමියා පෙනෙන්නට නොසිටි වේදනාව විදිමින් සිටියා. අවාසනාවට අමරකෝන් මහතා මිය ගියා. ඔහුගේ දේහය නිවසට රැගෙන ආ මොහොතේ දෙනෙතට කදුළු ගෙනෙන මේ විස්මිත සිදුවීම සිදු වුණා. තමන්ගේ ස්වාමියා නිසොල්මන්ව පෙට්ටියක් මත වැතිර සිටිනු දුටු බළල් සුරතලාත් ඒ පෙට්ටිය මතට නැග අමරකෝන් මහතා සිටි අයුරින්ම දිගැදී සිටියා. දේහය ගෙදර තිබූ දින තුනම එකම අයුරින් නොසෙල්වී සිටි බළල් සුරතලාගේ දසුන අතිශය සංවේදී මෙන්ම විස්මයජනක එකක් වුණා. දේහය නිවසින් පිටතට රැගෙන යන්නට පෙට්ටිය වසන්නට විශාල වෙහෙසක් දරන්නට වුණා. තමන් තම ස්වාමියා සමීපයෙන් වෙන් කරන්නට සැරසෙන අයව සපා කන්නට තරම් මේ බළල් සුරතලා සිය ස්වාමියාට ආදරෙයෙන් බැඳි සිටියා. අවසන දී අත් ග්ලව්ස් දමාගෙන බළල් සුරතලා සිය ස්වාමියාගෙන් ඈත් කරන්නට පිරිසට සිදුවුණා. මිනිසෙකුටත් වඩා සංවේදීව සිය ස්වාමියාට මේ තිරිසන් සතා සමුදුන්නේ මොනතරම් වේදනාවකින් විය හැකිද ?



2 comments: